බෘෘක්ගේ 171 හමුවේ තරගයේ පාලනය එංගලන්තයට – නවසීලන්තය ලකුණු 4 ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(30) නිමා වුණේ තරගයේ වැඩි පාලනය එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියා. ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේදී ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 4 ක් පමණයි.

ක්‍රයිස්චර්ච්හීදී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 499 ක්. ඒ, නවසීලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 348 ට පිළිතුරු ලෙසයි. ඒ අනුව පළමු ඉනිම නිමා වන විට එංගලන්තය ලකුණු 151 ක් ඉදිරියෙන් පසු වුණා.

හැරී බෘෘක් පන්දු 197 කින් ලකුණු 171 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 15 ක් සමගින්. ඔහුගේ ඉනිම අතරතුරදී ඔහු ලබා දුන් උඩ පන්දු 5 ක් නවසීලන්ත පන්දු රකින්නන් අතින් ගිලිහී යාම විශේෂත්වයක්.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 80 ක් හා ඔලී පෝප් ලකුණු 77 ක් ලබා ගනිමින් එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 84 කට කඩුලු 4 ක් දවා ගත් අතර, නේදන් ස්මිත් කඩුලු 3 ක් බිද හෙලුවා.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 61 ක් ලබා ගත් අතර, ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 31 යි. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් හා බ්‍රයිඩන් කර්ස් කඩුලු 3 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...