චන්දිමාල්, ධනංජය හා කුසල්ගේ සටන පසෙකලා ශ්‍රී ලංකාවට ලකුණු 233 ක දැවැන්ත පරාජයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 233 ක දැවැන්ත පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(30) සිදු වුණා. ශ්‍රී ලංකාව ඩර්බන් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරගයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 516 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 282 ක්.

6 වැනි කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා ලකුණු 95 (151) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මග සකස් කර දුන්නා. ධනංජය පන්දු 81 කින් ලකුණු 59 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 9 ක් සමගින්.

ඔහුගේ දැවී යාමෙන් පසුව චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් 7 වැනි කඩුල්ලට ලකුණු 75 (115) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. චන්දිමාල් පන්දු 174 කින් සටන්කාමී ලකුණු 83 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 12 ක් සමගින්.

කුසල් මෙන්ඩිස් ලකුණු 48 කට දැවී ගියා. ඔහුට සිය අර්ධ ශතකය වාර්තා කිරීමට මනා අවස්ථාවක් පැවැති නමුත්, පසුපෙල පිතිකරුවක් ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට උත්සාහ දැරීම නිසා මෙන්ඩිස්ට එම අවස්ථාව අහිමි වී ගියා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකණු 4ක්, පැතුම් නිස්සංක ලකුණු 23 ක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 25 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 10 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මාර්කෝ ජැන්සන් ලකුණු 73 කට කඩුලු 4 ක් දවා ගත්තා. ඔහු මෙම තරගයේදී බිද හෙලූ කඩුලු ගණන 11 ක්. කාගිසෝ රබාඩා, ජෙරාල්ඩ් කොට්සියා හා කේෂාව් මහරාජ් ද දෙවැනි ඉනිමේදී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 42 ක් පමණයි. අනතුරුව දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 366 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...