ශ්‍රී ලංකාව WTC ප්‍රසාද ලකුණු සටහනේ පියවර දෙකකින් පසු බසියි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව අද(30) ලැබූ ලකුණු 233 ක දැවැන්ත පරාජය හේතුවෙන්.

කෙසේ වෙතත්, අද ලැබූ ජයත් සමග දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. නවසීලන්තය තවදුරටත් සිව්වැනි ස්ථානයේ පසුවනවා.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම ඔස්ට්‍රේලියාව සමග මෙරට දී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජය ගැනීමට බොහෝ දුරට සිදු වනු ඇති.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...