ඔස්ට්‍රේලියානු ප්‍රබල වේග පන්දු යවන්නෙකුට ඇඩිලේඩ් ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

ආබාධයකට (side strain) ලක් වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ශෝන් ඇබෝට් හා Brendan Doggett ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමටයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, දෙසැම්බර් 6 වැනිදා ඇඩිලේඩ්හීදී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී හේසල්වුඩ් වෙනුවට ස්කොට් බෝලන්ඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

හේසල්වුඩ් පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 57 කට කඩුලු 5 ක් දවා ගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරත වුණා. පළමු ඉනිමේදී ලකුණු 29 කට කඩුලු 4 ක් බිද හෙලූ ඔහු දෙවැනි ඉනිමේ දී කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 28 ක් ලබා දෙමින්.

හේසල්වුඩ් වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ස්කොට් බෝලන්ඩ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ ජූලි මාසයේදීයි.

දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 295 කින් ජය ගත් ඉන්දියාව මේ වන විට තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...