නේපාලය පරදා ශ්‍රී ලංකා යොවුන් පිලට ජයග්‍රාහී ආරම්භයක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද(29) ආරම්භ වූ වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද හැකි වුණා.

ඒ, සාජාහීදී පැවැති තරගාවලියේ දෙවැනි තරගයෙන් නේපාලය පරදා ලකුණු 55 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 233 ක් ලබා ගත්තා.

ශරුජන් ශන්මුගනාදන් ලකුණු 62 ක් හා ලක්වින් අබේසිංහ ලකුණු 50 ක් ලබා ගත්තා. කවිජ ගමගේ නොදැවී ලකුණු 37 යි.

පන්දු යැවීමේ දී Santosh Yadav ලකුණු 45 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 46.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.

Mayan Yadav ලකුණු 62 කට දැවී ගියා. පන්දු යැවීමේදී ප්‍රවීන් මනීෂ ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නිව්ටන් රන්ජිත්කුමාර්, විහස් තෙව්මික හා කුගදාස් මතුලන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...