WPL ක්‍රීඩිකාවන් වෙන්දේසියට දින නියම වෙයි

Date:

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරට අදාළ ක්‍රීඩිකාවන් වෙන්දේසිය දෙසැම්බර් 15 වැනිදා බැංගලූරුහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වෙන්දේසිය දිනය හා ස්ථානය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කණ්ඩායම් පහ වෙත දැනුම් දී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

විදෙස් ක්‍රීඩිකාවන් 5 දෙනෙකු සමග ක්‍රීඩිකාවන් 19 දෙනෙකු වෙන්දේසියේදී උපරිම වශයෙන් අලෙවි වනු ඇති.

ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට පසුගිය වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 13.5 ක මුදලක් වියදම් කිරීමට අවස්ථාව පැවැති අතර, මෙවර එය ඉන්දීය රුපියල් කෝටි 15 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

2025 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩිකාවන් වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගෙන ඇති ක්‍රීඩිකාවන් හා නිදහස් කළ ක්‍රීඩිකාවන් ලැයිස්තු මීට පෙර නිවේදනය කෙරුණු අතර, ඒ අනුව UP Warriorz කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...