දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට වෙනසක්

Date:

දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, මේ දිනවල ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවක් වැදීම නිසා ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදුව ඇති අස්ථි බිදී යාම හේතුවෙන්.

ආබාධය හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ද පන්දු යැවීමට හෝ පන්දු රැකීමට නොහැකි වූ අතර, දෙවැනි ඉනිමේදී ද පන්දු යැවීමේ හෝ රැකීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෝල්ඩර් වෙනුවට Matthew Breetzke දෙසැම්බර් 5 වැනිදා Gqeberha හී දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් වන දකුණු අප්‍රිකා සංචිතයට ආදේශ කිරීමටයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. 24 හැවිරිදි Breetzke පසුගිය මාසයේදීයි බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගත්තේ.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (28) දිනයේදී දකුණු අප්‍රිකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ලහිරු කුමාරගේ පන්දුවක් දකුණු අතේ වැදීමෙන් මෝල්ඩර් මෙම ආබාධයට මුහුණ දුන්නා.

ආබාධය හේතුවෙන් මෝල්ඩර් එක් ලකුණක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ අතර, අනතුරුව ඔහු යළි පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුවයි. ඔහු එම ඉනිමේදී නොදැවී ලකුණු 9 ක් රැස් කළා.

පසුව දෙවැනි දිනයේ දිවා ආහාරය අතරතුර ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් (x-ray) සදහා යොමු කර තිබූ අතර, එහිදී දකුණු අතෙහි මැදගිල්ලෙහි අස්ථි බිදී යාමක් සිදුව ඇති බව හදුනාගෙන තිබුණා.

පන්දු යැවීමට හෝ පන්දු රැකීමට හැකියාවක් නැතත්, ඔහු දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේදී ද පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...