Watch : මන්රෝ අන්ත අසරණ කළ තුෂාරගේ සුපිරි පන්දුව

Date:

Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් Northern Warriors කණ්ඩායමේ නායක කොලින් මන්රෝ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට Chennai Braves කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(23) සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Chennai Braves කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 99 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Northern Warriors කණ්ඩායම පන්දුවාර 8.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

Braves ඉනිම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 41 ක් රැස් කළේ පන්දු 21 කින් හයේ පහර 2 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

Warriors ඉනිම වෙනුවෙන් ජොන්සන් චාර්ල්ස් පන්දු 23 කින් නොදැවී ලකුණු 52 ක් රැස් කළා.

පන්දු යැවීමේදී නුවන් තුෂාර, තිසර පෙරේරා හා අකිල ධනංජය කඩුල්ල බැගින් බිද හෙලුවා.

Northern Warriors ඉනිමේ පළමු පන්දුවාරය නුවන් තුෂාර විසින් යොමු කළ අතර, දෙවැනි පන්දුවෙන්ම මන්රෝගේ කඩුල්ල දවා ගැනීමට ඔහු සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...