ශූරයින්ගේ කුසලාන අර්බුදය ගැන අයි.සී.සී සාකච්ඡාවක්

Date:

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකිරීමට තීරණය කිරීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා හදිසි අයි.සී.සී මණ්ඩල රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

නොවැම්බර් 26 වැනිදා මෙම රැස්වීම පැවැත්වීමට ඉඩ ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේදී හා වෙනත් රටකදී දෙමුහුන් ආකෘතිය යටතේ පැවැත්විය හැකි දැයි මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

තරගාවලිය සදහා සිය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැනුවත් කිරීමෙන් පසුව අයි.සී.සීය ඒ පිළිබදව පාකිස්තානයට දැනුම් දුන්නා. කෙසේ වෙතත්, අනතුරුව ඊට හේතු විමසා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අයි.සී.සීය වෙත ලිපියක් යොමු කළා.

එහිදී පාකිස්තානය සදහන් කර සිටියේ අදාළ තීරණය සම්බන්ධයෙන් ලිඛිත කරුණු දැක්වීමක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවශ්‍ය බවයි.

ඉන්දියාවෙන් ප්‍රතිචාර ලැබීමට ප්‍රමාද වී ඇති පසුබිමක වුව ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi මාධ්‍ය හමුවේ පසුගියදා සදහන් කර සිටියේ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් තමා ධනාත්මක අපේක්ෂාවන් සහගතව තවදුරටත් පසුවන බවයි.

මෙවන් පසුබිමක පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් සිය කණ්ඩායම ඉවත් කර ගැනීමට ද ඉන්දීය දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමය පසුගියදා පියවර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...