බුම්රාගේ කඩුලු 5 හා රාහුල්-ජයිස්වාල්ගේ 172 * ක සම්බන්ධතාවය හමුවේ තරගයේ පාලනය ඉන්දියාවට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(23) නිමා වුණේ තරගයේ පාලනය ඉන්දියාවට නතු කරමින්.

පර්ත්හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 67 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 104 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 150 ට පිළිතුරු ලෙසයි.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 172 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 218 ක්.

යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 90 ක් හා කේ එල් රාහුල් නොදැවී ලකුණු 62 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 100 ඉක්මවා රැගෙන යාමට දායකත්වය දැක් වූයේ මිචෙල් ස්ටක්. ඔහු ලකුණු 26 ක් ලබා ගත්තා. ඇලෙක්ස් කෙරී ලකුණු 21 යි. ට්‍රැවිස් හෙඩ් ලකුණු 11 කටත්, නේදන් මැක්ස්වීනි ලකුණු 10කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 30 කට කඩුලු 5 ක් දවා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම සුණු විසුණු කළ අතර, හර්ෂිත් රානා ලකුණු 48 කට කඩුලු 3 ක් දවා ගත්තා. මොහමඩ් සිරාජ් කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 20 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...