අබුඩාබි T10 පිටියේ වාර්තා වූ අති දැවැන්ත නිපන්දුව ගැන ලොව පුරා විවිධ මතවාද (දර්ශන සහිතයි)

Date:

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය යටතේ Samp Army කණ්ඩායම හා New York Strikers කණ්ඩායම අතර පැවැති තරගයේදී Samp Army කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වේග පන්දු යවන ක්‍රීඩක Hazrat Bilal යොමු කළ දැවැන්ත නිපන්දුව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙන බව දක්නට ලැබෙනවා.

Strikers ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවයි අසිෆ් අලීට එරෙහිව Hazrat Bilal විසින් මෙලෙස දැවැන්ත නිපන්දුවක් යොමු කළේ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් Samp Army කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 135 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ New York Strikers කණ්ඩායමට කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණයි.

තරගය අතරතුර යොමු කෙරුණු නිපන්දුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතින අතර, ඇතැමුන් මෙය පාවාදීමක්දැයි ප්‍රශ්න කරන අයුරුද දැක ගත හැකියි.

එම නිපන්දුවේ පුනරූපන දර්ශනය වීමත් සමග ඇතැම් ක්‍රීඩකයින් පවා සිනහවෙන් ප්‍රතිචාර දක්වන අයුරු දැක ගත හැකි වුණා.

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

නිපන්දුවට අදාළ දර්ශන හා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පල කර ඇති අදහස් කිහිපයක් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...