බංග්ලාදේශය ලකුණු 410 ක් පිටුපසින්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර Antigua හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(24) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 450 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට තවත් ලකුණු 410 ක් පිටුපසින් පසුවනවා.

කොදෙව් ඉනිම වෙනුවෙන් Justin Greaves නොදැවී ලකුණු 115 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගින්. Mikyle Louis ලකුණු 97 ක් ලබා ගත් අතර, Alick Athanaze ලකුණු 90 යි.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 87 කට කඩුලු 3 ක් දවා ගත්තා. ටස්කින් අහ්මඩ් හා මෙහිදි හසාන් මිරාස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු බංග්ලාදේශ ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 5 කටත්, සාකීර් හසාන් ලකුණු 15 කටත් දැවී ගියා. මොමිනුල් හක් නොදැවී ලකුණු 7 ක් හා ශහඩාට් හොසේන් නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. Jayden Seales හා Alzarri Joseph කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...