ලුවිස්-හෝප් ප්‍රහාරය හමුවේ කොදෙව්වන්ගෙන් වාර්තාගත හඹා යාමක්

Date:

එවින් ලුවිස් හා ෂේයි හෝප් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කින් වාර්තා කළ වේගවත් ලකුණුු 136 ක සම්බන්ධතාවය හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් වාර්තාගත හඹා යාමක් සමග කඩුලු පහක විශිෂ්ඨ ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(17) අලුයම සමත් වුණා.

ශාන්ත ලුසියාහීදී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 219 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් නායක රොව්මන් පවෙල්ගේ හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ්ගේ අනර්ඝ පිතිහරඹයෙන් ද ශක්තිමත් වෙමින් පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු පහක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

එය කොදෙව්වන් සාර්ථක ලෙස හඹා ගොස් T20I තරගයක් ජය ගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා. ලුවිස් පන්දු 31 කින් ලකුණු 68 ක් ලබා ගත්තේ හයේ පහර 7 ක් හා හතරේ පහර 4 ක් සමගින්. හෝප් පන්දු 24 කින් ලබා ගත් ලකුණු 54 ට හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

පවෙල් පන්දු 23 කින් ලකුණු 38 ක් ද, රදර්ෆර්ඩ් පන්දු 17 කින් නොදැවී ලකුණු 29 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු යැවීමේ දී රෙහාන් අහ්මඩ් ලකුණු 43 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 තුළ ලකුණු 218 ක් ලබා ගත්තේ කඩුලු පහක් දැවී සිටියදීයි.

පිල් සෝල්ට් හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමග පන්දු 35 කින් ලකුණු 55 ක් ලබා ගනිමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ජෙකොබ් බෙතෙල් පන්දු 32 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 ක්. හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ජොස් බට්ලර් ලකුණු 38(23) ක්, විල් ජැක්ස් ලකුණු 25(12) ක් හා  සෑම් කරන් ලකුණු 24 (13) ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ගුඩකේෂ් මෝති ලකුණු 40 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

මෙම තරගයෙන් කොදෙව්වන් ජය ගත්ත ද තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 3-1 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...