IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 19 ක් – මූලික වටිනාකම් සමග සියලු තොරතුරු නිවේදනය කෙරේ

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් විසින් අද(15) නිවේදනය කළා.

නොවැම්බර් 24 හා 25 යන දිනවලදී සෞදි අරාබියේ Jeddah හී දී පැවැත්වීමට නියමිත වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී සිටි නමුත්, වෙන්දේසියට ක්‍රීඩකයින් 574 දෙනෙකු පමණක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් 29 දෙනෙකු වෙන්දේසියට ලියාපදිංචි වී සිටියා. කෙසේ වෙතත්, වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු පමණයි. (ක්‍රීඩක ලැයිස්තුව පහතින්)

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් 574 දෙනා අතරට ඉන්දීය ක්‍රීඩකයින් 366 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 208 දෙනෙකු ඇතුළත්. විදෙස් ක්‍රීඩකයින් අතරින් තිදෙනෙකු ටෙස්ට් වරම් දිනා නොමැති රටවල ක්‍රීඩකයින් බව සදහන්.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයින් 318 දෙනෙකු හා ජාත්‍යන්තර වරම් දිනා නොමැති විදෙස් ක්‍රීඩකයින් 12 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇති.

වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු මිලදී ගැනීමට නියමිත අතර, ඉන් 70 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.

ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් සහිත කාණ්ඩයෙන් මෙවර වෙන්දේසියට ඉදිරිපත් වන ක්‍රීඩකයින් ගණන 81 ක්.

ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව හා ඔවුන්ගේ මූලික වටිනාකම් –

  1. වනිදු හසරංග – ඉන්දීය රුපියල් කෝටි දෙක
  2. මහීෂ් තීක්ෂණ – ඉන්දීය රුපියල් කෝටි දෙක
  3. විජයකාන්ත් වියස්කාන්ත් – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  4. කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  5. කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  6. නුවන් තුෂාර – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  7. ජෙෆ්රි වැන්ඩර්සේ – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  8. පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  9. භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  10. කමිදු මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  11. දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  12. චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  13. දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  14. ඩිල්ෂාන් මදුෂංක – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  15. දුෂාන් හේමන්ත – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  16. දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  17. ලහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  18. ඒෂාන් මාලිංග – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  19. දුමිදු සෙව්මින – ඉන්දීය රුපියල් ලක්ෂ 30

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...