ප්‍රබලයෙකුට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙද්දී නායකයාට පළමු තරගය අහිමි වීමේ අවධානමක්

Date:

ආබාධයකට ලක් වීම හේතුවෙන් (groin injury) දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩීට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුට ලබන ජනවාරි මාසය වන තුරු ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා තරගාවලියට අමතරව ඔහුට පාකිස්තානයට එරෙහි තරගාවලි ද අහිමි වීමට නියමිතයි.

මේ අතර, නායක ටෙම්බා බවුමා ද ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීම අවිනිශ්චිත මට්ටමක පවතිනවා.

වම් වැලමිට ප්‍රදේශයේ ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින ඔහු එළඹෙන 18 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

බවුමාට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඔහු වෙනුවට ඒඩ්න් මාක්‍රම් කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 27 වැනිදා ඩර්බන්හීදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...