IPL වෙන්දේසිය සෞදියේදී ; ක්‍රීඩකයින් 1,574 ක් සමග වෙන්දේසියට දින නියම වෙයි – ශ්‍රී ලංකාවෙන් 29 ක්

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව තරගාවලියේ සංවිධායකයින් අද(5) රාත්‍රියේ නිවේදනය කළා.

නොවැම්බර් 4 වැනිදා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වූ බවයි අයි.පී.එල් සංවිධායකයින් සදහන් කළේ.

ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයින් 1,165 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 409 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 24 හා 25 යන දිනවලදී සෞදි අරාබියේ Jeddah හී දී පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේ දී වෙන්දේසිය පැවැත්වුණේ ඩුබායිහීදියි.

ලියාපදිංචි වූ ක්‍රීඩක ලැයිස්තුවට ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයින් 320 දෙනෙකු හා ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 1,224 දෙනෙකු ඇතුළත් අතර, ටෙස්ට් වරම් හිමිව නොමැති රටවලින් ද ක්‍රීඩකයින් 30 දෙනෙකු වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු පහත සදහන් ආකාරයෙන් තරගාවලියේ සංවිධායකයින් පැහැදිලි කර තිබෙනවා.

  • ජාත්‍යන්තර වරම් දිනා ඇති ඉන්දීය ක්‍රීඩකයින් 48 දෙනෙකු,
  • ජාත්‍යන්තර වරම් දිනා ඇති විදෙස් ක්‍රීඩකයින් 272 දෙනෙකු,
  • ජාත්‍යන්තර වරම් දිනා නොමැති හා මීට පෙර අයි.පී.එල් තරගාවලියන්ට එක්ව ඇති ඉන්දීය ක්‍රීඩකයින් 152 දෙනෙකු,
  • ජාත්‍යන්තර වරම් දිනා නොමැති හා මීට පෙර අයි.පී.එල් තරගාවලියන්ට එක්ව ඇති විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු,
  • ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයින් 965 දෙනෙකු,
  • ජාත්‍යන්තර වරම් දිනා නොමැති විදෙස් ක්‍රීඩකයින් 104 දෙනෙකු.

වැඩිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් වෙන්දේසියට ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්. එම සංඛ්‍යාව 91 ක්. ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් 29 දෙනෙකු වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා.

රටවල් අනුව විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති ආකාරය –

  1. දකුණු අප්‍රිකාව – 91
  2. ඔස්ට්‍රේලියාව – 76
  3. එංගලන්තය – 52
  4. නවසීලන්තය – 39
  5. බටහිර ඉන්දීය කොදෙව් – 33
  6. ශ්‍රී ලංකාව – 29
  7. ඇෆ්ඝනිස්තානය – 29
  8. බංග්ලාදේශය – 13
  9. නෙදර්ලන්තය – 12
  10. ඇමෙරිකා එක්සත් ජනපදය – 10
  11. අයර්ලන්තය – 9
  12. සිම්බාබ්වේ – 8
  13. කැනඩාව – 4
  14. ස්කොට්ලන්තය – 2
  15. එක්සත් අරාබි එමීර් රාජ්‍ය – 1
  16. ඉතාලිය – 1

වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සංචිතවල රදවා ගත් ක්‍රීඩක ලැයිස්තු පසුගියදා නිවේදනය කෙරුණා. එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු සහිතව සිය සංචිතය සකස් කර ගත හැකියි. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු අලෙවි වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...