රසල්ට අවසන් තරග තුන අහිමි වෙයි – තහනමෙන් පසු ජෝසප් යළි සංචිතයට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග තුන සදහා ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

තරග දෙකක තහනම හේතුවෙන් පළමු විස්සයි 20 තරග දෙක වෙනුවෙන් නම් නොකෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශමාර් ජෝසප් වෙනුවට අල්සාරි ජෝසප් සංචිතයට මෙලෙස ආදේශ කර ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක අන්ඩ්‍රි රසල්ට වළලුකර ආබාධයක් හේතුවෙන් තරගාවලියේ අවසන් තරග තුන ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට ශමාර් ස්ප්‍රින්ගර් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවන බැවින් තරගාවලිය පරාජයට පත් වීමෙන් වැළකී සිටීමටනම් කොදෙව්වන්ට තෙවැනි තරගය ජය ගැනීම අනිවාර්යය වනවා.

West Indies T20I squad:

Rovman Powell (c), Roston Chase, Matthew Forde, Shimron Hetmyer, Terrance Hinds, Shai Hope, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Nicholas Pooran, Sherfane Rutherford, Romario Shepherd, Shamar Springer

Remaining Schedule of West Indies vs England T20I Series:

  • 3rd T20I : 14 November 2024 – Daren Sammy Stadium, Saint Lucia
  • 4th T20I : 16 November 2024 – Daren Sammy Stadium, Saint Lucia
  • 5thT20I : 17 November 2024 – Daren Sammy Stadium, Saint Lucia

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...