ආසනයකින් පහර දෙමින් ආවේගශීලීව හැසිරුණු එංගලන්ත වේග පන්දු යවන්නාට වැඩ වරදියි (වීඩියෝ සහිතයි)

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලිට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, බාර්බඩෝස්හීදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි 20 තරගයේදී පාදයක ආබාධයකට ලක්වීමෙන් අනතුරුව යළි ක්‍රීඩක විවේකාගාරය බලා පිටත්ව යන අතරතුර ඔහු විසින් ආවේගයෙන් යුතුව ආසනයකින් ආරක්ෂිත වැටකට පහර දී අදාළ ආසනය විසි කිරීමේ වරද හේතුවෙන්. (දර්ශන පහතින්)

පසුගිය සෙනසුරාදා පැවැති තරගයේ කොදෙව් ඉනිමේ පස්වැනි පන්දුවාරය ඔහු විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී රීස් ටොප්ලි දණහිසක ආබාධයකට ලක් වුණා.

අනතුරුව වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටු වූ අතර, පසුව තරගය යළි ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු විසින් එම පන්දුවාරයේ සිව්වැනි පන්දුව ද යොමු කළා.

නමුත්, එහිදී ඔහුගේ ආබාධය යළිත් උත්සන්න වීම හේතුවෙන් එම පන්දුවාරය සම්පූර්ණ නොකරම රීස් ටොප්ලි ක්‍රීඩක විවේකාගාරය වෙත පිටත්ව යාමට කටයුතු කළා. එලෙස පිටත්ව යන අතරතුරදීයි ඔහු විසින් ආසනයකින් ආරක්ෂිත වැටකට පහර දීමක් සිදු කළේ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ද ආබාධයකට ලක් වීමෙන් පසුව ඔහු මේ ආකාරයෙන්ම ආවේගයෙන් කටයුතු කළ ආකාරයක් දැක ගත හැකි වුණා.(දර්ශන පහතින්)

පළමු විස්සයි 20 තරගයේ දී රීස් ටොප්ලි ආසනයකින් ආරක්ෂිත වැටකට පහර දුන් අයුරු –

2023 ලෝක කුසලාන තරගාවලියේ දී ආවේගශීලීව හැසිරුණු අයුරු –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...