ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා යළි මෙල්බර්න් පිලට

Date:

ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරග වාරයේ දී යළිත් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙය ඔහු එම කණ්ඩායම නියෝජනය කරන සිව්වන අවස්ථාවයි.

ලොව අංක එකේ 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයා වන මොහොමඩ් නබී මෙල්බර්න් පිල වෙනුවෙන් තරග 27ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී පිතිකරණ සාමාන්‍ය 30ක් ලෙස සටහන් කර ගෙන ඇති ඔහු බිද හෙලා ඇති කඩුලු සඛ්‍යාව 21ක්.

මේ වන විට මොහොමඩ් නබී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින්නේ සන්රයිසස් හයිදරාබාද් පිල නියෝජනය කරමින්.

අයි.පී.එල් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ඔහු ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇති.

බිග් බෑෂ් ලීග් තරගාවලියේ 10 වැනි අදියර ලබන දෙසැම්බර් 3 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙල්බර්න් රෙනෙගේඩ්ස් සංචිතය –

Cameron Boyce, Zak Evans, Aaron Finch (c), Jake Fraser-McGurk, Sam Harper, Marcus Harris, Mackenzie Harvey, Jon Holland, Shaun Marsh, Mohammad Nabi, James Pattinson, Kane Richardson, Will Sutherland, Beau Webster.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...