LPL ප්‍රබල කණ්ඩායමක හිමිකාරීත්වය සල්මන් ඛාන් පවුලට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ බොලිවුඩ් නලු සල්මන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් විසින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සල්මන් ඛාන්ගේ බාල සොහොයුරා සහ පියා පවත්වා ගෙන යනු ලබන සොහයිල් ඛාන් ජාත්‍යන්තර LLP නම් සමාගම විසින් මෙම ආයෝජනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර කණ්ඩායම තරගාවලියට එක්වන සියලු තරග නැරඹීම සදහා සල්මන් ඛාන් එක්වීමට නියමිතව ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගිය 19 වැනිදා පැවැති ක්‍රීඩකයින් තෝරා ගැනිමේ අවස්ථාවේ දී කැන්ඩි ටස්කර්ස් පිල සදහා සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ද මිලදී ගැනීමට කණ්ඩායම් කළමණාකාරීත්වය කටයුතු කළා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම – ( පුහුණුකරු – හෂාන් තිලකරත්න මහතා)

කුසල් ජනිත්, ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට්, වහබ් රියාස්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, නවීනුල් හක්, කමිදු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවීෂ අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමික එදිරිසිංහ, ඉෂාන් ජයරත්න.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...