“කුසලානය ජය ගන්න අපිට පුලුවන්” කැන්ඩි ටස්කර්ස් හිමිකරු සොහෙල් කාන්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම බොලිවුඩ් නලු සල්මන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් විසින් මිලදී ගත් බව තරගාවලි සංවිධායකයින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින් –

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය බොලිවුඞ් සිනමා අධ්‍යක්‍ෂවරයකු වන සොහෙල් කාන් විසින් ලබා ගන්නා ලදි.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය මේ වසරේ නොවැම්බර් 21වන දින සිට දෙසැම්බර් 13වන දින දක්වා පල්ලෙකැලේ සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක‍්‍රීඩක ක‍්‍රිස්ගේල් ඇතුලත් වන අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ප‍්‍රහාරක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප‍්‍රදීප් ඇතුලත් වන අතර සුපිරි එංගලන්ත පන්දුයවන්නකු වන ලියම් ප්ලන්කට් ද කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයෝ වෙති.

හෂාන් තිලකරත්න කැන්ඩි ටස්කර්ස් හි පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ඇත.

‘‘ලංකා ප‍්‍රිමියර් ලීග් කුසලානය ජයගැනීමට වැඩි ඉඩ කඩක් ඇති කණ්ඩායමක් ලෙස කැන්ඩි ටස්කර්ස් හැඳින්විය හැකි අතර මෙහි හිමිකාරීත්වය ලබා ගැනීමට හැකි වීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. ශ‍්‍රී ලාංකිකයින් අතර ක‍්‍රිකට් උන්මාදයක් තරමටම පැතිර ඇති බැවින් මෙම තරගාවලිය නැරඹීමටත් තමන්ගේ ප‍්‍රියතම ක‍්‍රිකට් තරු දිරිගැන්වීමට විශාල වශයෙන් පැමිණෙනු ඇති බව මගේ විශ්වාසයයි. අපිට සමබර කණ්ඩායමක් සිටින බැවින් තරගාවලියේ වැඩි බලාපොරොත්තු තබා ගත හැකි බව මම විශ්වාස කරනවා’’ යනුවෙන් සොහෙල් කාන් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වන ලංකා ප‍්‍රිමියර් ලීග් හී තරග සංවිධායක IPG හි ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා ‘‘ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීම අපගේ අරමුණ වූ බැවින් ශක්තිමත් අනුග‍්‍රාහකයින් කණ්ඩායම් සඳහා අපට අවශ්‍ය වෙනවා. සොහෙල් කාන් මහතා බොලිවුඞ් සිනමාවට අමුත්තකු නොවන අතරම ක‍්‍රිකට් ලෝලියකු ලෙස ඔහුගේ භූමිකාවද ලොව පුරා ප‍්‍රචලිතයි. ’’ යනුවෙන් පැවසීය.

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් හි උපසභාපති සහ ලංකා ප‍්‍රිමියර් ලීග් හි අධ්‍යක්‍ෂ රවීන් වික‍්‍රමරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ‘‘ කැන්ඩි ටස්කර්ස් හි හිමිකාරීත්වය ලබා ගනිමින් සොහෙල් කාන් මහතා ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය හා සම්බන්ධ වීම අපට සතුට දනවන්නක්.

ක‍්‍රිකට් සහ චිත‍්‍රපටි ලෝකය ඉන්දියාව තුළ දැඩි සහසම්බන්ධතාවක් සහිත ප්‍රෙක්ෂකයින් ප‍්‍රමෝදයට පත් කරන කරුණු 2ක් ලෙස හැඳින්විය හැකි අතර සොහෙල් කාන් මහතාගේ සම්ප‍්‍රාප්තියත් සමග ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයින්ගේ සහ ඉන්දියානු පේ‍්‍රක්ෂකයින්ගේ දැඩි අවධානය මෙම තරගාවලියට යොමු වනු ඇතැයි මම අපේක්ෂා කරනවා’’ යනුවෙන් පැවසීය.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...