බ්‍රාවෝ IPL පිටියෙන් ඉවතට

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දකුණු පාදයේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

පසුගිය 17 වැනිදා දිල්ලි කැපිටල්ස් පිල සමග පැවැති තරගයේ දී යි බ්‍රාවෝ මෙම ආබාධයට ගොදුරු වුණේ.

ඒ අනුව ඔහු හෙට දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටව යාමට ද නියමිතව තිබෙනවා.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කණ්ඩායම් කළමණාකාරීත්වය අවසන් තීරණයක් ගෙන නැහැ.

දිල්ලි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු පන්දුවාර 3ක් පමණක් ක්‍රියාත්මක කළ අතර, සිව්වැනි පන්දුවාරය යැවීම සදහා බ්‍රාවෝ සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වූයේ නැහැ.

ඒ හේතුවෙන් තරගයේ අවසන් පන්දුවාරය යැවීමට රවීන්ද්‍ර ජඩේජාට සිදු වූ නමුත් තරගය ජය ගැනීමට අවශ්‍ය වූ ලකුණු 17ක ඉලක්කය හයේ පහර 3ක් එල්ල කරමින් සපුරා ගැනීමට ආක්සා පටෙල් සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...