වාර්තා අලුත් කරමින් බැංගලෝරය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලිය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අද(21) පැවැති තරගයෙන් ඔවුන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 84ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 14ක් තුළ බිද දමමින් බැංගලෝර් පන්දු යවන්නන් කොල්කටා ඉනිම අඩපන කළා.

නායක ඔයින් මෝර්ගන් ලකුණු 30ක් රැස් කළ අතර, ලුකී ෆර්ගියුසන් නොදැවී ලකුණු 19ක්, කුල්දීප් යාදෙව් ලකුණු 12ක් සහ ටොම් බැන්ටන් ලකුණු 10 රැස් කිරීමට සමත් වුණා.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නිලකුණු පන්දුවාර 2ක් සමගින් මොහොමඩ් සිරාජ් ලකුණු 8කට කඩුලු 3ක් බිද හෙලුවා.

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු විසින් නිලකුණු පන්දුවාර 2ක් එක් තරගයකදී වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

කොල්කටා කණ්ඩායම මෙම ඉනිමේ දී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ඉතිහාසගත වුණේ අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් තමන්ට නියමිත පන්දුවාර 20ම ක්‍රීඩා කර රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් පිල පන්දුවාර 13.3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දෙව්දත් පඩික්කල් ලකුණු 25ක් සහ ගුර්කීරට් සිං නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා.

මෙම ජයග්‍රහනයත් සමග මේ වන විට බැංගලෝර් පිල තරග 10කට ක්‍රීඩා කර ඉන් තරග 7ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14ක් හිමිකර ගෙන සිටිනවා.

ප්‍රසාද ලකුණු 14කටම හිමිකම් කියන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් තම පෙරමුණ රැක ගෙන ඇති අතර, මුම්බායි කණ්ඩායමට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඔවුන් ප්‍රසාද ලකුණු 12ක් ලබා ඇති අතර, තරග 10කදී ප්‍රසාද ලකුණු 10ක් දිනා ඇති කොල්කටා කණ්ඩායම සිව්වන ස්ථානයේයි පසුවන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...