Watch : ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට ඇද දැමූ ලොකී ෆර්ගසන්ගේ කඩුලු ත්‍රිත්වය

Date:

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් අද(10) සමත් වුණා.

දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට දුන් නවසීලන්තය පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108 ක් පමණයි.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි කඩුලු පිට පිට පන්දු තුනකදී (පන්දුවාර දෙකකදී) දවා ගනිමිනුයි ෆර්ගසන් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ කුසල් පෙරේරා (ලකුණු 3), කමිදු මෙන්ඩිස් (ලකුණු 1) හා චරිත් අසලංක (ලකුණු 0) යන පිතිකරුවන්.

6 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී, 8 වැනි පන්දුවාරයේ පළමු හා දෙවැනි පන්දුවලදී එම කඩුලු 3 දැවී ගියා.

මීට පෙර Jacob Oram, Tim Southee, Michael Bracewell හා Matt Henry යන ක්‍රීඩකයින් නවසීලන්තය වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් දවා ගෙන තිබුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...