Watch : Hong Kong Sixes පිටියේ දී උතාපාට එක දිගට වැදුණු හයේ පහර හය මෙන්න

Date:

Hong Kong International Sixes තරගාවලියේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි.(2)

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හා බදුන ශූරතාවය සදහා වන තරග රැසක් අද දිනයේ දී පැවැත්වෙනවා.

මූලික වටයේ දී මුහුණ දුන් තරග දෙකම පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ පරාජයට පත් වූ ඉන්දියාව අද දිනයේ දී බදුන ශූරතාවය සදහා වන දෙවැනි තරගය සදහා එංගලන්තය සමගින් තරග වැදුණා.

එම තරගයෙන් එංගලන්තය ලකුණු 15 ක ජයක් වාර්තා කළා. පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 120 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාවට කඩුලු 3 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.

මෙම තරගයේ දී ඉන්දියාවේ රොබින් උතාපා යොමු කළ පන්දුවාරයේදී එංගලන්තයේ රවී බොපාරා හයේ පහර හයක් එල්ල කිරීම කැපී පෙනුණා. වයිඩ් පන්දුවක් ද එම පන්දුවාරයේ දී යොමු වූ අතර, ඒ අනුව එම පන්දුවාරයේ දී ලකුණු 37 ක් වාර්තා වුණා.

ඒ අනුව එම පන්දුවාරය මෙවර තරගාවලියේ දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ පන්දුවාරය ලෙස වාර්තා අතරට එක් වූ අතර, 2024 තරගාවලියේ දී හයේ පහර හයක් එක් පන්දුවාරයකදී එල්ල කළ පළමු පිතිකරු බවට රවී බොපාරා පත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...