Hong Kong Sixes : UAE පිලට පැරදුණු ඉන්දියාව තරගාවලියෙන් ඉවතට – නේපාලයටත් සුපිරි ජයක්

Date:

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට අද(2) අහිමි වුණා. ඒ, මූලික වටයේ අවසන් තරගයෙන් ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ එක් ලකුණක තියුණු පරාජයක් අත්කර ගැනීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර හය අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 130 ක් ලබා ගත්තා. Khalid Shah ලකුණු 42(10) ක් හා Zahoor Khan නොදැවී ලකුණු 37(11) ක් රැස් කළා. පන්දු යැවීමේ දී ස්ටුවට් බිනී ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු 4 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 129 ක් පමණයි. ස්ටුවට් බිනී තරගයේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගියේ ලකුණු 44(11) ක් ලබා සිටියදීයි. රොබින් උතාපා ලකුණූ 43(10) ක් රැස් කළා.

මූලික වටය යටතේ ඉන්දියාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ද ඔවුන් පාකිස්තානය හමුවේ පරාජයට පත් වුණා. ඒ අනුව ඉන්දියාවට බදුන ශූරතාවය සදහා තරග වැදීමට සිදු වන අතර, පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර, අද පැවැති මූලික වටයේ තවත් තරගයකින් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට නේපාලය සමත් වීම විශේෂත්වයක්. පළමුව පන්දුවට පහරදුන් නේපාලය කඩුලු 2 ක් දැවී ලකුණු 111 ක් රැස් කළ අතර, ඔස්ට්‍රේලියාවට ලබා ගත හැකි වූයේ කඩුලු පහක් දැවී ලකුණු 100 ක් පමණයි.

ඒ අනුව මූලික වටයේ දී එංගලන්තය හා ඔස්ට්‍රේලියාව පරාජයට පත් කළ නේපාලය සමග ශ්‍රී ලංකාවට අද පස්වරු 1:20 ට තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී තරග වැදීමට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...