Hong Kong Sixes : නේපාලය පරදා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Date:

Hong Kong International Sixes තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් නේපාලය පරදා ලකුණු 40 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 6 තුළ දී කඩුලු 2 ක් දැවී ලකුණු 123 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 5 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 83 ක් පමණයි.

සදුන් වීරක්කොඩි පන්දු 14 කින් ලකුණු 50 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ හයේ පහර 5 කින් හා හතරේ පහර 4 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්. තනුක දාඹරේ ලකුණු 18(9) යි.

නායක ලහිරු මදුෂංක පන්දු 8 කින් නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමගින්. ලහිරු සමරකෝන් හයේ පහර 3 ක් හා හතරේ පහරක් සමගින් පන්දු 5 කින් ලකුණු 22 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Pratis GC හා Narayan Joshi කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු නේපාල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 55 (18) ක් රැස් කළ රෂීඩ් ඛාන්. ඔහුගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු හයකට කඩුලු දෙකක් හා තරිදු රත්නායක ලකුණු 24 කට කඩුලු දෙකක් දවා ගත්තා. ධනංජය ලක්ෂාන් කඩුල්ලක් බිද හෙලුවේ පන්දුවාර දෙකක් යොමු කරමින් ලකුණු 42 ක් ලබා දෙමින්. ලහිරු මදුෂංක ද ලකුණු 11 කට කඩුල්ලක් දවා ගත්තා.

හොංකොං පරාජයට පත් කළ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව පරාජයට පත් කළ පාකිස්තානය ද මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...