වැඩිම වැටුප් ඉහළ යාමක් හා කප්පාදුවක් සිදු වූ ක්‍රීඩක ලැයිස්තුව මෙන්න – මතීෂට දෙවැනි තැන

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් 10 විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු බ්‍රහස්පතින්දා (31) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

එහිදී ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සිය සංචිතයේ රදවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කළ නමුත්, වෙනත් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රදවා ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු තිබුණේ නැහැ.

සංචිතවල රදවා ගත් ඇතැම් ක්‍රීඩකයින්ට පසුගිය වසරට සාපේක්ෂව දැවැන්ත වැටුප් වැඩි වීමක් ලැබෙන ආකාරයක් දැකගත හැකි වූ අතර, ඇතැම් ක්‍රීඩකයින්ට දැවැන්ත වැටුප් කප්පාදුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

චෙන්නායි කණ්ඩාමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර එම කණ්ඩායම විසින් රදවා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 13 ක මුදලකටයි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 45 ක පමණ වටිනාකමක් යටතේයි. එය පසුගිය වසරේ දී ඔහුට හිමි වූ වැටුප හා සැසදීමේදී 6400% ක ඉහළ යාමක් වීම විශේෂත්වයක්.

වැඩිම වැටුප් වැඩිවීමක් සිදුව ඇති ක්‍රීඩකයින් – (ඉන්දීය රුපියල්)

  • ද්‍රව් ජුරෙල් – ලක්ෂ 20 සිට කෝටි 14 දක්වා (6900% ක ඉහළ යාමක්)
  • මතීෂ පතිරණ – ලක්ෂ 20 සිට කෝටි 13 දක්වා (6400% ක ඉහළ යාමක්)
  • රාජත් පටිදර් – ලක්ෂ 20 සිට කෝටි 11 දක්වා (5400% ක ඉහළ යාමක්)
  • මයාන්ක් යාදව් – ලක්ෂ 20 සිට කෝටි 11 දක්වා (5400% ක ඉහළ යාමක්)
  • සායි සුදර්සන් – ලක්ෂ 20 සිට කෝටි 8.5 දක්වා (4150% ක ඉහළ යාමක්)
  • ශශාන්ක් සිං – ලක්ෂ 20 සිට කෝටි 5.5 දක්වා (2650% ක ඉහළ යාමක්)
  • රින්කු සිං – ලක්ෂ 55 සිට කෝටි 13 දක්වා (2264% ක ඉහළ යාමක්)

වැටුප් කප්පාදුවකට මුහුණ දුන් ක්‍රීඩකයින් – (ඉන්දීය රුපියල්)

  • පැට් කමින්ස් – කෝටි 20.5 සිට කෝටි 18 දක්වා
  • අන්ඩ්‍රි රසල් – කෝටි 16 සිට කෝටි 12 දක්වා
  • එම් එස් දෝනි – කෝටි 12 සිට කෝටි 4 දක්වා
  • රාහුල් තෙවාටියා – කෝටි 9 සිට කෝටි 4 දක්වා
  • ශාරුක් ඛාන් – කෝටි 7.40 සිට කෝටි 4 දක්වා

චෙන්නායි කණ්ඩායම විසින් එම් එස් දෝනි සිය සංචිතයේ රදවා ගැනීමට මෙවර තීරණය කළේ ‘uncapped’ හෙවත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින්ගේ කාණ්ඩය යටතේයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී වසර පහකට වැඩි කාලයක් ගතව ඇති ඉන්දීය ක්‍රීඩකයින්ට එළඹෙන තරගාවලිය වෙනුවෙන් ‘uncapped’ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී තිබූ බැවිනුයි දෝනිට ‘uncapped’ ක්‍රීඩකයෙකු ලෙස මෙවර තරග වාරයට එක්වීමට අවස්ථාවක් උදා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...