චමරිගේ සිඩ්නි කණ්ඩායමට දැවැන්ත ජයක්

Date:

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 64 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද(1) සමත් වුණා.

උතුරු සිඩ්නිහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 212 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ට්‍රයිකර්ස් පිලට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි ඉනිම වෙනුවෙන් Georgia Voll ලකුණු 92(55) ක් හා Phoebe Litchfield ලකුණු 49 ක් රැස් කළා. හයේ පහර දෙකක් සමග චමරි අතපත්තු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 17 (14) ක්.

පන්දු යැවීමේ දී Orla Prendergast ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ස්ට්‍රයිකර්ස් ඉනිම වෙනුවෙන් Katie Mack ලකුණු 51 ක් ලබා ගත් අතර, Sam Bates කඩුලු 4 ක් ද, Shabnim Ismail කඩුලු 3 ක් ද දවා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා. චමරි අතපත්තු කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 29 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...