Hong Kong Sixes : ශ්‍රී ලංකාව තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට – හෙට දිනයේත් තරග රැසක්

Date:

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දෙවැනි දිනය හෙටයි.(2) හෙට දිනයේ දී මූලික වටයේ අවසන් තරග දෙක වන ඔස්ට්‍රේලියාව හා නේපාලය අතර තරගයත්, ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයත්, අර්ධ අවසන් පූර්ව වටයේ තරග මෙන්ම බදුන ශූරතාවය සදහා වන තරග රැසක් ද පැවැත්වීමට නියමිතයි.

අද දිනයේ පැවැති තරගවල ප්‍රතිපල අනුව අර්ධ අවසන් පූර්ව වටය සදහා රටවල් 7 ක් සුදුසුකම් ලබා ගත්තා. A කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ දකුණු අප්‍රිකාව හා හොංකොං යන කණ්ඩායම්. එම කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලන්තය තරග දෙකම පරාජයට පත් වූ බැවින් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.

B කාණ්ඩයෙන් නේපාලය හා ඔස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන් කර ගත්තා. එංගලන්තය තරග දෙකම පරාජයට පත් වූ බැවින් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අත්හැරීමට සිදු වුණා.

C කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට තරග දෙකම ජය ගත් පාකිස්තානය සමත් වූ අතර, ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර හෙට පැවැත්වෙන තරගය ජය ගන්නා කණ්ඩායම ද අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමි කර ගැනීමට නියමිතයි.

D කාණ්ඩයෙන් තරග දෙකම ජය ගත් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගනිමින්. ශ්‍රී ලංකාව හමුවේ ඕමානය කඩුලු 4 කින් ද, බංග්ලාදේශය ලකුණු 18 කින් ද අද පරාජයට පත් වුණා. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් බංග්ලාදේශය ද මීළග වටයට සුදුසුකම් ලැබූ අතර, ඕමානයට අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අත්හැරීමට සිදු වුණා.

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට මෙරට වේලාවෙන් පෙරවරු 9:40 ට පැවැත්වෙන්නේ සත්කාරක හොංකොං කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතරයි.

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10:35 ට පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර ආරම්භ වනවා.

තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා නේපාලය අතර පැවැත්වෙන අතර, එම තරගය හෙට පස්වරු 1:20 ට ආරම්භ වීමට නියමිතයි.

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය සදහා බංග්ලාදේශය සුදුසුකම් ලබා ඇතත්, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දියාව ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද යන්න මෙතෙක් තීරණය වී නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...