ඉන්දියාවේ කඩුලු 3 ක් පන්දු 9ක් තුළ දැවී යාමත් සමග නවසීලන්තය යළි සටනට අවතීර්ණ වෙයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(1) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 235 ක් පමණක් රැස් කළ අතර, පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 86 ක්.

දිනයේ අවසන් පන්දුවාර දෙකේ පන්දු 9ක් තුළ ඉන්දියාවේ කඩුලු 3 ක් දැවී යාමත් සමග සටනට යළි අවතීර්ණ වීමට නවසීලන්තය සමත් වූ අතර, මේ වන විට ඉන්දියාව පළමු ඉනිමේ දී ලකුණු 149 ක් පිටුපසින් පසුවනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා ලකුණූ 18 කට ගියා. දෙවැනි කඩුල්ල 18 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී බිද වැටුණේ අජාස් පටෙල්ට එරෙහිව යශස්වි ජයිස්වාල් ලකුණු 30 ක් ලබා සිටියදී රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් දැවී යාමත් සමගයි.

අනතුරුව රාත්‍රී මුරකරු (nightwatchman) ලෙස පිටියට පිවිසි මොහමඩ් සිරාජ් පළමු පන්දුවෙන්ම දැවී යාම කැපී පෙනුණා. විරාත් කෝලි ලකුණු 4 ක් ලබා සිටියදී 19 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී දුවද්දී දැවී ගියේ දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම හිමි කර දෙමින්.(දර්ශන පහතින්)

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 82 ක් හා විල් යන්ග් ලකුණු 71 ක් රැස් කළා. ටොම් ලේතම් ලකුණු 28 කටත්, ග්ලේන් පිලිප්ස් ලකුණු 17 කටත් දැවී ගිය අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 65 කට කඩුලු 5 ක් දවා ගත් අතර, වොෂින්ටන් සුන්දර් කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...