ක්‍රීඩකයින් 5 දෙනෙකු රදවා ගන්න ලක්නව් සුපර් ජයන්ට්ස් තීරණය කරයි

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් 5 දෙනෙකු සිය සංචිතයේ රදවා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මේ වන විට තීරණය කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව නිකලස් පූරාන්, මයාන්ක් යාදව්, රවී බිෂ්නෝයි යන ක්‍රීඩකයින් මෙන්ම මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති මොහ්සින් ඛාන් හා අයුෂ් බදෝනි ඔවුන් සිය සංචිතයේ රදවා ගැනීමට නියමිතව ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

2022 වසරේ දී එම කණ්ඩායම අයි.පී.එල් පිටියට පිවිසීමෙන් අනතුරුව කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කේ එල් රාහුල් මෙවර කණ්ඩායමේ රදවා ගැනීමට කටයුතු නොකරනු ඇති බව සදහන්.

ඔවුන් ක්‍රීඩකයින් 5 දෙනෙකු රදවා ගතහොත් වෙන්දේසියේ දී භාවිතා කිරීම සදහා ලක්නව් පිලට එක් RTM අවස්ථාවක් හිමිවනවා.

සියලු කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව (උපරිමය ක්‍රීඩකයින් හය දෙනෙකු) ඔක්තෝබර් 31 වැනිදා වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...