ජේකර් අලීට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව බංග්ලාදේශ ක්‍රීඩක ජේකර් අලීට අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට මහිදුල් ඉස්ලාම් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉරිදා දිනයේ Chattogram හීදී පැවැති පුහුණුවීම් අතරතුර දී ජේකර් අලී කම්පන තත්ත්වයකට මුහුණ දී තිබීම හේතුවෙන් ඔහුව දෙවැනි ටෙස්ට් තරගයෙන් මෙලෙස ඉවත් කර ඇති බව සදහන්.

දෙරට අතර ඩකාහී දී පැවැති පළමු ටෙස්ට් තරගයේදීයි ජේකර් අලී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ.

එම තරගයේ බංග්ලාදේශ දෙවැනි ඉනිමේ දී ඔහු අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

දෙවැනි ටෙස්ට් තරගය හෙට(29) Chattogram හීදී ආරම්භ වීමට නියමිත අතර, පළමු තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කළ දකුණූ අප්‍රිකාව තරග 1-0 ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...