සජිඩ් හා නෝමන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාකිස්තානය 2-1 ක් ලෙස තරගාවලිය දිනයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(26) සමත් වුණා.

රාවල්පින්ඩිහීදී පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී ජයග්‍රහනය සදහා ලකුණු 36 ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 37 ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.

සයීම් අයුබ් ලකුණු 8කට දැවී ගිය අතර, අබ්දුල්ලාහ් ශෆික් නොදැවී ලකුණු 5 ක් හා ශාන් මසූඩ් පන්දු 6කින් නොදැවී ලකුණු 23 ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 24 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 112 ක් පමණයි.

ජෝ රූට් ලකුණු 33 ක් හා හැරී බෘෘක් ලකුණු 26 ක් ලබා ගත්තා. බෙන් ඩකට් ලකුණු 12 යි. ගස් ඇට්කින්සන් හා ජැක් ලීච් ලකුණු 10 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී නෝමන් අලී ලකුණු 42 කට කඩුලු හයක් දවා ගත් අතර, සජිඩ් ඛාන් ලකුණු 69 කට කඩුලු 4 ක් බිද හෙලුවා. සජිඩ් පළමු ඉනිමේ දී කඩුලු හයක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 267 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 344 ක්.

තරගයේ වීරයා ලෙස පළමු ඉනිමේ දී ලකුණු 134 ක් ලබා ගත් සවුද් ශකීල් ද, තරගාවලියේ වීරයා ලෙස කඩුලු 19 ක් දවා ගත් සජිඩ් ඛාන් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...