සැන්ට්නර්ගේ කඩුලු 13 හමුවේ ඉන්දියාව 2012 න් පසු මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරදියි

Date:

ඉන්දියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 113 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ ජය ද එක් තරගයක් ඉතිරිව තිබියදීම (2-0) තහවුරු කර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද(26) සමත් වුණා.

මෙය නවසීලන්ත කණ්ඩයම ඉන්දියාවේ දී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජය ලෙසයි ඉතිහාසගත වුණේ. නවසීලන්තය ඉන්දියාවේ දී ලැබූ සිව්වැනි ටෙස්ට් ජය ලෙස ද මෙම තරගය වාර්ත අතරට එක් වුණා. එමෙන්ම ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේ දී 2012 වසරෙන් පසුව පරාජයට පත් වූ පළමු ටෙස්ට් තරගාවලිය වන්නේ ද මෙම තරගාවලියයි.

පූනේහී දී පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 359 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 245 ක් පමණයි.

යශස්වි ජයිස්වාල් ලකුණු 77 ක් රැස් කරමින් ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත්, වෙනත් කිසිදු නම් දැරූ පිතිකරුවෙකුගෙන් සාර්ථක දායකත්වයක් ලකුණු හඹා යාමට ලැබුණේ නැහැ.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 42 කට දැවී ගිය අතර, ෂුබ්මන් ගිල් ලකුණු 23 ක් ද, වොෂින්ටන් සුන්දර් ලකුණු 21 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී යළිත් සුපිරි පන්දු යැවීමක නිරත වූ මිචෙල් සැන්ට්නර් ලකුණු 104 කට කඩුලු 6 ක් දවා ගත්තා. ඔහු පළමු ඉනිමේ දී බිද හෙලූ කඩුලු ගණන 7 ක්.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 255 ක්.

ටොම් ලේතම් ලකුණු 86 ක්, ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 48 ක් හා ටොම් බ්ලන්ඩල් ලකුණු 41 ක් රැස් කළා. පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් කඩුලු 4 ක් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 259 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව ලබා ගත්තේ ලකුණු 156 ක් පමණයි.

දෙරට අතර පැවැති පළමු තරගය නවසීලන්තය කඩුලු අටකින් ජය ගත්තා. අවසන් තරගය එළඹෙන පළමු වැනිදා මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මිචෙල් සැන්ට්නර් දවා ගත් කඩුලු හය හා නවසීලන්තයට ජය ගෙන ආ ඉන්දීය අවසන් කඩුල්ල දැවී ගිය මොහොත පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...