ඉන්දීය පරාජයෙන් පසු අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන

Date:

නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරග දෙකම පරාජයට පත් වුව ද, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් යන්තමින් රැක ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.

කෙසේ වෙතත්, ඔවුන්ට හිමිව තිබූ 68.06% ක ලකුණු ප්‍රතිශතය මේ වන විට 62.82 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයක්. දෙවැනි ස්ථානයේ රැදී සිටින ඔස්ට්‍රේලියාවට 62.50% ක ලකුණු ප්‍රතිශතයක් හිමියි. ඒ අනුව එම කණ්ඩායම් දෙක අතර පරතරය වන්නේ 0.32% ක්.

මෙතෙක් 5 වැනි ස්ථානයේ රැදී සිටි නවසීලන්තය අද ලැබූ ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව 5 වැනි ස්ථානයට ඇදදමමින්.

මේ අතර, එංගලන්තය පරදා පාකිස්තානය අද ලැබූ ටෙස්ට් තරගාවලි ජයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැදී සිටි පාකිස්තානය 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව තවදුරටත් එහි තෙවැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...