තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

Date:

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව්වන් සමත් වුණා.

ඒ අනුව ඔවුන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව පැතුම් නිස්සංක හා ඩිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැදවා ඇත්තේ නිශාන් මදුෂ්ක හා දුනිත් වෙල්ලාලගේ වෙනුවටයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ද අද තරගයට වෙනස්කම් 3 ක් සිදු කර තිබෙනවා.

මේ අතර, අද තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රෝස පැහැති පටි පැළඳ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔක්තෝබර් මාසයට යෙදී ඇති පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සමගාමීව තෙවැනි එක්දින තරගය තරගාවලියේ ‘රෝස රිබන් දිනය’ (Pink Ribbon Day) ලෙස නම් කර තිබීම හේතුවෙන්.

කණ්ඩායම් දෙක –

West Indies XI:

Brandon King, Evin Lewis, Keacy Carty, Shai Hope(w/c), Sherfane Rutherford, Jewel Andrew, Roston Chase, Gudakesh Motie, Matthew Forde, Alzarri Joseph, Jayden Seales

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka(c), Janith Liyanage, Kamindu Mendis, Wanindu Hasaranga, Maheesh Theekshana, Asitha Fernando, Dilshan Madushanka

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...