දෝනිගේ සහභාගීත්වය තවමත් තහවුරු කර නැහැ – CSK

Date:

ඉන්දීය කණ්ඩායමේ හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නායක එම් එස් දෝනි 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති බව චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී Kasi Viswanathan පවසනවා.

කෙසේ වෙතත්, ඔහු එළඹෙන තරග වාරයට ක්‍රීඩා කරනු ඇති බවට තමන් විශ්වාසයෙන් පසුවන බවයි ප්‍රධාන විධායක නිලධාරීවරයා පෙන්වා දෙන්නේ.

“ඔහු දිගටම අපි වෙනුවෙන් ක්‍රීඩා කරනවාට අපි කැමතියි, නමුත් ඔහුගෙන් අපට තවමත් තහවුරු කිරීමක් ලැබී නැහැ. ඔහු ඔක්තෝබර් 31 වැනිදාට පෙර තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් Kasi Viswanathan ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කර තිබෙනවා.

එළඹෙන තරග වාරය වෙනුවෙන් තම කණ්ඩායමේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව සියලු කණ්ඩායම් විසින් ඔක්තෝබර් 31 වැනිදා වන විට ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී වසර පහකට වැඩි කාලයක් ගතව ඇති ඉන්දීය ක්‍රීඩකයින්ට ද එළඹෙන තරගාවලිය වෙනුවෙන් ‘uncapped’ හෙවත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බැවින් දෝනිට ‘uncapped’ ක්‍රීඩකයෙකු ලෙස මෙවර තරග වාරයට එක්වීමට අවස්ථාවක් පවතිනවා.

මෙම නීතිය මීට පෙර ද පැවැති නමුත්, එය 2021 වසරේ දී අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

‘Uncapped’ ක්‍රීඩකයෙකු ලෙස දෝනිව 2025 තරග වාරය සදහා සංචිතයේ රදවා ගතහොත් චෙන්නායි කණ්ඩායමට ඔහු වෙනුවෙන් ගෙවීමට සිදු වන්නේ ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලක් පමණයි.

2025 අදියර වෙනුවෙන් එක් කණ්ඩායමට සිය සංචිතයේ රදවා ගත හැකි උපරිම ක්‍රීඩකයින් ගණන හයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...