විලියම්සන්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමට නොහැකි වන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, විලියම්සන් මුහුණ දුන් ආබාධයෙන් (groin strain) පසුව ඔහු තවමත් සිය පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයේදීයි ඔහු මෙම ආබාධයට ලක් වුණේ. සිය ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමට ගෙන ඒම සදහා විලියම්සන් නවසීලන්තයේ සිට අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල ඉදිරියටත් නිරත වනු ඇති.

නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටීඩ් පෙන්වා දෙන්නේ විලියම්සන් මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් සිටින නමුත්, ඔහු තවමත් 100% ක යෝග්‍යතාවයට ළගා වී නොමැති බවයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය කඩුලු අටක ජයක් ලැබූ අතර, ආබාධය නිසා විලියම්සන්ට එම තරගය ද අහිමි වුණා. තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 24 වැනිදා පූනේහී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...