වර්ෂාව මැද මදුෂ්ක-අසලංක ප්‍රහාරය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාය අද(20) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමට පන්දුවාර 38.3 ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ වන විට ඔවුන් කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 185 ක්.

අනතුරුව පැය කිහිපයක් යනතුරු තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් කොදෙව් ඉනිම පන්දුවාර 38.3 කටම සීමා කිරීමට සිදු වුණා.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 37 කදී ලකුණු 232 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 31.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 234 ක් ලබා ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 45 දී බිද වැටුණු අතර, අනතුරුව මෙම තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ නිශාන් මදුෂ්ක හා නායක චරිත් අසලංක එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 137 (109) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කළා.

මදුෂ්ක ලකුණු 69(54) ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 9 ක් සමගින්. අසලංක ලකුණු 77 ක් ලබා ගත්තේ පන්දු 71 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 18(18) ක් හා කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 30(21) ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සුරැකිව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ගුඩකේෂ් මෝති කඩුලු 3 ක් හා අල්සාරි ජෝසප් කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 82 කින් ලකුණු 74 ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්. රොස්ටන් චේස් නොදැවී ලකුණු 33 යි. කේසි කාර්ති ලකුණු 37 ක් රැස් කළා.

කොදෙව්වන් පන්දුවාර 25.3 ක් අවසානයේ දී කඩුලු 4 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටි පසුබිමකයි චේස් හා රදර්ෆර්ඩ් පස්වැනි කඩුල්ලට ලකුණු 85* (78) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...