Watch : පැතුම් හා නිශාන් පැටලුනාද? නිශාන්ට වැද ආචාර කළ තරුණයා

Date:

ශ්‍රී ලංකා – කොදෙව් පළමු එක්දින ක්‍රිකට් තරගය ඊයේ(20) නිමා වුණේ චරිත් අසලංකගේ හා නිශාන් මදුෂ්කගේ අගනා සම්බන්ධතාවය හමුවේ තරගයේ ජය ශ්‍රී ලංකාවට උරුම කර දෙමින්.

ඒ අනුව දෙරට අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට පන්දුවාර 37 කදී ලකුණු 232 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 31.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී පහසුවෙන්ම ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

මේ අතර, ලකුණු හඹා යාම ආරම්භයේදීම සිදු වූ අපූර්ව සිදුවීමක් බොහෝ දෙනෙකුගේ අවධානය ද දිනා ගැනීමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගය සදහා පැතුම් නිස්සංකට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔහු වෙනුවට නිශාන් මදුෂ්ක මෙම තරගයේ දී එක්දින වරම් හිමි කර ගත්තා.

විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පෙර පිටිය මැදට කඩා වැදුණු ප්‍රේක්ෂකයෙකු නිශාන් මදුෂ්ක දෙසට පැමිණ ඔහුට වදිමින් ආචාර කිරීමට පෙළඹීමයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැමුන් පෙන්වා දෙන්නේ නිශාන් මදුෂ්ක හා පැතුම් නිස්සංක පටලවා ගනිමින් එම ප්‍රේක්ෂකයා මෙලෙස නිශාන් මදුෂ්කට වදිමින් ආචාර කළ බවයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...