දකුණු අප්‍රිකාව පිට පිට දෙවැනි අවසන් තරගයත් පරදියි – T20 ලෝක ශූරතාවය නවසීලන්තයට

Date:

පළමු වරට කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට නවසීලන්තය අද(20) සමත් වුණා.

ඒ, 2024 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පසුගියවර ද අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 32 ක ජයක් වාර්තා කරමින්.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

Laura Wolvaardt ලකුණු 33 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Rosemary Mair හා Amelia Kerr කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් Amelia Kerr ලකුණු 43 ක් හා Brooke Halliday ලකුණු 38 ක් රැස් කළා. Suzie Bates ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී Nonkululeko Mlaba ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...