ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 42 ක ජයක්

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් හොංකොං  කණ්ඩායම පරදා ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(20) සමත් වුණා.

ඕමානයේ Al Amerat හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ හොං කොං කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා.

යශෝද ලංකා ලකුණු 56 (44) ක් රැස් කළ අතර, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 25 කට දැවී ගියා. සහන් ආරච්චිගේ(නොදැවී) හා පවන් රත්නායක ලකුණු 23 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී Ateeq Iqbal ලකුණු 26 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොං කොං පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.

Yasim Murtaza ලකුණු 44 ක් ද, Babar Hayat ලකුණු 38 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී නිපුන් රන්සික ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඒෂාන් මාලිංග ලකුණු 20 කට කඩුලු දෙකක් දවා ගත්තා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් ඇෆ්ඝනිස්ථානය හමුවේ පරාජයට පත් වුණා.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය බංග්ලාදේශයට එරෙහිව අනිද්දා(22) පැවැත්වීමට නියමිතයි. (රාත්‍රී 7:00 ට)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...