Hong Kong Sixes : ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ – නායකත්වය ලහිරු මදුෂංකට

Date:

වසර හතකට පසුව පැවැත්වීමට නියමිත හොං කොං සික්සර්ස් සය සාමජික ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් පළමු වැනිදා සිට 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලහිරු මදුශංක විසින් මෙහෙයවීමට නියමිතයි.

තරගාවලිය සදහා කණ්ඩායම් 12ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතව තිබෙනවා. තරගාවලියට තරග 29ක් ඇතුළත්.

අවසන් වරට 2017 වසරේ දී පැවැති හොං කොං සික්සර්ස් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව 2007 වසරේදී එහි ශූරතාව ජය ගත්තා.

ශ්‍රී ලංකා සංචිතය –

ලහිරු මදුෂංක (c), තනුක දාබරේ, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, ධනංජය ලක්ෂාන්, නිමේශ් විමුක්ති, සඳුන් වීරක්කොඩි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...