හෙන්රිගේ හා කොන්වේගේ දක්ෂතා හමුවේ නවසීලන්තය ලකුණු 134 ක් ඉදිරියෙන්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර බැංගලූරුහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(17) නිමා වුණේ දිනයේ සියලු ගෞරව නවසීලන්තයට හිමි කර දෙමින්.

තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් ඊයේ සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදු වූ අතර, අද දිනයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 46 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දී ඉන්දීය කණ්ඩායම දැවී ගිය තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි එය වාර්තා අතරට එක් වුණේ. එමෙන්ම ඉන්දීය කණ්ඩායම සිය රටේ දී දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙම ලකුණු සංඛ්‍යාවයි.

ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා ලකුණු දෙකකටත්, යශස්වි ජයිස්වාල් ලකුණු 13 කටත් දැවී ගියා. විරාත් කෝලි, සර්ෆරාස් ඛාන්, කේ එල් රාහුල්, රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු නොලබාම දැවී යාම විශේෂත්වයක්. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රිෂාබ් පාන්ට් ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 15 කට කඩුලු 5 ක් දවා ගත් අතර, විලියම් ඕරෝක් කඩුලු 4 ක් බිද හෙලුවා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 180 ක්. ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 134 ක්.

ටොම් ලේතම් ලකුණු 15කටත්, විල් යන්ග් ලකුණු 33කටත් දැවී ගිය අතර, ඩෙවෝන් කොන්වේ ලකුණු 91 ක් ලබා සිටියදී සිය 5 වැනි ටෙස්ට් ශතකය අභියස දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින රචින් රවීන්ද්‍ර ලකුණු 22ක් හා ඩැරල් මිචෙල් ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින්, කුල්දීප් යාදව් හා රවීන්ද්‍ර ජඩේජා කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...