Watch : සිරාජ්ගේ වාග් ප්‍රහාරයට කොන්වේ සිනහවෙන් දුන් පිළිතුර

Date:

ඉන්දු-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් හා නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ අතර පන්දුවාරයක් අතරතුර දී යම් වචන හුවමාරුවක් සිදු වූ අතර, ඒ පිළිබද මේ වන විටත් ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

බැංගලූරුහී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 46 කට දැවී ගියා. පිළිතුරු ලෙස නවසීලන්තය සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අතරවාරයේදීයි ඔවුන් දෙදෙනා අතර යම් වචන හුවමාරුවක් සිදු වුණේ.

නවසීලන්ත ඉනිමේ 15 වැනි පන්දුවාරය මොහමඩ් සිරාජ් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේදී කොන්වේ විසින් එක් හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුණා.

ඉන් අනතුරුව යොමු කළ පන්දු කිහිපයකදී සිරාජ් යම් ආවේගයකින් යුතුව කොන්වේ වෙත අදහස් ප්‍රකාශ කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...