නිටිෂ් කුමාර්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ඉන්දියාවට ලකුණු 86 ක ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 86 ක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් T20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

දිල්ලිහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 221 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් නිටිෂ් කුමාර් රෙදී සිය මංගල විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 34 කින් ලකුණු 74 ක් ලබා ගනිමින්. හයේ පහර 7 ක් හා හතරේ පහර 4 ක් ඔහු‌ගේ ඉනිම වර්ණවත් කළා.

රින්කු සිං ලකුණු 53 ක් ලබා ගත්තේ පන්දු 29 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් ලකුණු 55 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටස්කින් අහ්මඩ්, ටන්සිම් හසාන් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.

මහ්මුදුල්ලාහ් ලකුණු 41(39) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී නිටිෂ් කුමාර් රෙදී හා වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...