සචින්ගේ ලෝක වාර්තාවත් අවධානමට ඇදදමමින් රූට් පසු කළ සුවිශේෂී කඩඉම

Date:

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා බවට පත් වීමට සුපිරි පිතිකරු ජෝ රූට් සමත් වුණා.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මුල්තාන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී යි.

එංගලන්ත පළමු ඉනිමේ දී ශතකයක් රැස් කළ ඔහු එම ඉනිමේ 71 වැනි ලකුණු සම්පූර්ණ කිරීමත් සමගයි ටෙස්ට් ඉතිහාසයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරු ලෙස ඉතිහාසයට එක් වුණේ. ඔහු මේ වන විට නොදැවී ලකුණු 176 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

රූට් මේ වන විට ටෙස්ට් තරග 147 කදී ඉනිම් 268 ක් ක්‍රීඩා කරමින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12,578 ක්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇලස්ටයාර් කුක්. ඔහු ටෙස්ට් තරග 161 කදී ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 12,472 ක්.

ලෝක ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභින් අතර ජෝ රූට් මේ වන විට 5 වැනි ස්ථානයේ රැදී සිටින අතර, එහි පළමු ස්ථානයේ පසුවන සචින් තෙන්ඩුල්කාර් තරග 200කදී ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 15,921 ක්.

ඒ අනුව තෙන්ඩුල්කාර්ගේ ලෝක වාර්තාව බිද දැමීමට රූට් හට තවත් ලකුණු 3,000 කට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුව ඇතත්, ඇලස්ටයාර් කුක් BBC වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ 33 හැවිරිදි ජෝ රූට් එම වාර්තාව ද බිද දමනු ඇති බවයි.

මේ අතර, පාකිස්තාන-එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 492 ක් ලබා සිටියා. ඒ, පාකිස්තානය ලබා ගත් ලකුණු 556 ට පිළිතුරු ලෙසයි. හැරී බෲක් නොදැවී ලකුණු 141 ක් ලබා ජෝ රූට් සමග සිව්වැනි කඩුල්ලට මේ වන විට ගොඩ නගා ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 243* (310) ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...