ඉන්දියාවටත් පැරදුණු ආසියානු ශූර ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට විසි වෙයි

Date:

2024 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සියලු බලාපොරොත්තු අත්හැර දැමීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද(9) සිදු වුණා.

ඒ, ඉන්දියාව සමග පැවැති තරගාවලියේ 12 වැනි තරගයෙන් ලකුණු 82 ක දැවැන්ත පරාජයක් අත්කර ගැනීමත් සමගයි. මෙය ඉන්දියාව විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී තරගයක් ජය ගත් ඉහළම ලකුණු පරතරය ලෙසයි ඉතිහාසගත වුණේ.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 172 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ආරම්භක කඩුල්ලට පන්දුවාර 12.4 ක් තුළ ලකුණු 98 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ස්ම්රිති මන්දනා හා ශෆාලි වර්මා සමත් වුණා. මන්දනා ලකුණු 50(පන්දු 38) කටත්, වර්මා ලකුණු 43(40) කටත් දැවී ගියා.

නායිකා හර්මන්ප්‍රීට් කොවුර් පන්දු 27 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 52 ක්. පන්දු යැවීමේ දී චමරි අතපත්තු හා අමා කාංචනා කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19.5 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 90 ක් පමණයි.

විශ්මි ගුණරත්න ලකුණු බින්දුවකටත්, චමරි අතපත්තු එක් ලකුණකටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 3 කටත් දැවී ගියා. කවීෂා දිල්හාරි ලකුණු 21 ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 20 ක් ලබා ගත්තා. අමා කාංචනා ලකුණු 19 යි.

පන්දු යැවීමේ දී Asha Sobhana හා Arundhati Reddy ලකුණු 19 බැගින් ලබා දෙමින් කඩුලු 3 බැගින් දවා ගත්තා.

මීට පෙර මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව හමුවේ ද පරාජයට පත් වුණා.

මේ අතර, තරගාවලියේ 11 වැනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 80 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කාන්තා පිල අද සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ස්කොට්ලන්තයට පන්දුවාර 17.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 86 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...