මාලිංග වෙන්න ගිය රියාන් පරාග්ට වෙච්ච දේ – නිපන්දුවකින් කෙළවර වූ පන්දුව මෙන්න

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය අතරතුර දී රියාන් පරාග් යොමු කළ නිපන්දුවක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

දිල්ලිහී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 221 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.

මහ්මුදුල්ලාහ්ට එරෙහිව රියාන් පරාග් විසින් බංග්ලාදේශ ඉනිමේ 11 වැනි පන්දුවාරයේ යොමු කළ සිව්වැනි පන්දුවයි නිපන්දුවක් ලෙස තෙවන විනිසුරු විසින් සංඥා කළේ.

පරාග් විසින් එම පන්දුව පන්දු යවන අන්තයේ සීමා ඉරට නොපැමිණෙමින් ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට ද සමාන ආකාරයකින් යොමු කළ අතර, ඔහුගේ පසු පාදය පැති සීමා ඉරද ඉක්මවා ගොස් තිබූ ආකාරයක් දැක ගත හැකි වුණා.

ඒ හේතුවෙන් එම පන්දුව නිපන්දුවක් (back-foot no-ball) ලෙසයි සංඥා කෙරුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...